විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..අලුත් පැකේජයක්..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Aruna Jan 26, 2024 12:34 AM GMT
Report

පසුගිය ඔක්තෝබර් මාසයේදී විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනය කර ඇත්තේ වැරදි පුරෝකථන මත බව පාර්ලිමේන්තුවේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

ඒ හේතුවෙන් මණ්ඩලය සැලකිය යුතු ලාභයක් ලබා තිබෙන බවත් එම කාරක සභාව සඳහන් කර සිටින්නේ.

මෙම මාසයේදී විදුලි බිල අඩු කිරීම සඳහා වන යෝජනා ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කාරක සභාව මේ බව සඳහන් කරයි.

මෙම ගාස්තු සංශෝධනය ඉවත් කර ගැනීම හෝ නැවත සලකා බලා සුදුසු ලෙස සංශෝධනය කරන ලෙසද කාරක සභාව යෝජනා කර ඇත.

එමෙන්ම මෙම ගාස්තු සංශෝධනය නිසා කර්මාන්තවලට සිදු වූ පාඩුව මගහරවා ගැනීමට සහනයක් ලබාදෙන ලෙසත් විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් සහ ඔක්තෝබර් යන මාසවලදී පමණක් සිදු කරන ලෙසද කාරක සභාව යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම මස පළමු වැනිදා සිට සූර්ය බල පද්ධතිවලට අය කිරීමට නියමිත එකතු කළ අගය මත බදු ඉවත් කිරීමට කටයුතු කිරීම, වහල මත සවි කරන සූර්ය බල පද්ධති මීටර ප්‍රතිස්ථාපන ගාස්තු අය නොකිරීම, පසුගිය මාස කිහිපය තුළ අනපේක්ෂිත ලෙස ලැබුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි බලාගාර පද්ධතියට එකතු කිරීමේදී පැන නගින තාක්ෂණික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම හා විදුලි ගාස්තු ගෙවීමේ පැකේජ ක්‍රමයක් හඳුන්වා දීමද කාරක සභාවේ යෝජනා අතර වන බවයි පැවසෙන්නේ.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හහතා මෙම කාරක සභාවේ සභාපතිවරයා වන අතර, කාරක සභාව අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී රැස් වී තිබේ.

Sponsored By Sarrita Jewellery

විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..අලුත් පැකේජයක්.. | Electric Bill Less