විදුලි බිල ජනවාරියේ අඩු කරයි ද?..පෙබරවාරියට කල්යයි.?
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
By Aruna
විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව කොමිසම පවසනවා.
මේ අනුව, විදුලි ගාස්තු සංශෝධනය කිරීම ලබන පෙබරවාරි මස මැද වන තෙක් කල් යන බවයි, එම කොම්සමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ.
ඒ අනුව ජනවාරි මස විදුලි බිලට සහනයක් නොලැබෙනු ඇති අතර, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මහජන අදහස් විමසීම ඊයේ (23 වැනිදා) ආරම්භ කළ බවත් එම ක්‍රියාවලියෙන් පසුව ඉදිරි තීරණ ගන්නා බවයි.