මෙම මස අවසානයේ විදුලි බිලට සිදුවන දේ මෙන්න..මේ ගැන ඔබේ අදහස කුමක්ද?
විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.
ගාස්තු ඉහළ දැමීමට අනුමැති දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බවයි එම නිලධාරියා කියා සිටියේ.
එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ, මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලයක් ද දී ඇති බවයි.
ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කී එම නිලධාරියා ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද සඳහන් කළා.
අප මේ සම්බන්ධව ජනතාවගෙන් විමසීමක් කළා.
එහිදී ජනතාව පවසා සිටියේ, දැනට පවතින විදුලි බිල ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, තවත් විදුලි බිල වැඩි කිරීමක් සිදු කළහොත් තමත් විශාල ලෙස අපහසුතාවයට පත් වන බවයි.
එවන් තත්ත්වයක විදුලි බිල වැඩි කරීම සම්බන්ධයෙන් ජනාවගෙන් අදහස් විමසීම විහිලුවක් බවයි ඔවුන් පවසන්නේ.
මේ වන විටත් පවතින විදුලි බිල ගෙවීම අමාරු තත්ත්වයක් තුල තවත් වැඩි කිරීමකට, ජනතාව විදියට යම් අයෙක් කැමති වනවානම් එම පුද්ගලයින් බත් කන මනුෂ්‍යයින් නොවන බව ද ඇතමුන් ප්‍රකාශ කළා.
එම නිසා නිවැරදි ජනතා මතවිමසීමකින් නොමැතිව විදුලි බිල වැඩි කිරීමක් කරනවානම් එය විදුලි පාරිභෝගිකයින්ට සිදු කරන දැවැන්ත අසාධාරණයක් බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.
මේ අනුව විදුලි බිල වැඩි කිරීමට ඔබ එකඟ වන්නේ ද?
ඔබේ අදහස් අපට කියන්න.