විදුලි බිල දැනෙන ගණනකින් අඩු කරන්න යයි.. ඇමතිගෙන් දැනුම්දීමක්..
ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මේහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි.
මම කියනවා ජනවාරි 01 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න.
දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා.
අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ.
ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”
පසුගිය දින දෙක තුළ දී ඉන්ධන වර්ග කිහිපයක හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර ඔහු පෙන්වාදෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතු කිසිදු ඛනිජ තෙල් නිෂ්පාදනයක හිඟයක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර ඇත.
වැඩිදුරටත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් ද ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.