වැඩි වූ විදුලි බිල සම්බන්ධව බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්..සංශෝධනය කළ නව මිල ගණන් මෙන්න..
විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව ආගමික ස්ථාන 74.8% ක උපරිම විදුලි බිල රු. 3,990/- ක් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව, මෙරට ලියාපදිංචි ආගමික ස්ථාන විදුලි සම්බන්ධතා 48,682 න් 36,096 ක උපරිම විදුලි බිල රු. 3,990/- ක් පමණයි.
ඉතිරි ආගමික ස්ථාන විදුලි සම්බන්ධතා 12,586 සඳහා විදුලි බිලට සාපේක්ෂව වාරික වශයෙන් ගෙවා සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
එමෙන්ම, වසර අටකට පසුව මෙම සංශෝධනය සකස් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පෙන්වාදුන්නා.
ඔහු පැවසුවේ, මෙතෙක් ආගමික ස්ථාන 148 ක විදුලි බිල ලංකා විදුලි බල මණ්ඩලය ගෙවූ අතර, එය නවත්වන ලෙස ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බවයි.
පාර්ලිමේන්තුව ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල සූර්ය පැනල සවිකරමින් විදුලි බිල කළමනාකරණයට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කළා.
සංශෝධිත මිල ගණන් පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
