විදුලි බිල වැඩි කරන දිනය දැනුම්දෙයි..
Ceylon Electricity Board
By Aruna
විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා (09) ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා, “විදුලි බිල්පත වැඩිවීම ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ලබන සතියේදී අපට පාරිභෝගිකයින්ට, මහජනතාවට කියන්න පුළුවන් විදුලි බිල වැඩිවෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා.
විදුලි බිල වැඩිකිරීමේදී අඩු ආදායම් ලබන අයට සහනාධාර ලබාදෙන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනවාද කියලා මහාභාණ්ඩාගාරයෙන් විමසීමක් කළා, ඒත් ඒ සඳහා අපට යහපත් ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.
ඒ වුණත් අපි විදුලි බිල සංශෝධනයේදී ඒ තත්වය මගහරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරිපත් කරනවා”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |