විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්...

Sri Lanka Ceylon Electricity Board
By Aruna Aug 07, 2022 02:48 AM GMT
Report

ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කළ ද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

ජල විදුලි නිෂ්පාදනය සියයට 60 දක්වා ඉහල දැමීමට හැකි වුවහොත් දෛනික විදුලි කප්පාදුව නතර කළ හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර අද දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now