විදුලි ඒකකයක මිල නොසිතූ ලෙස ඉහළ යයි?!!වැඩි කරන්න යන නව මිල ගණන් මෙන්න.

Sri Lanka Electric bill Ceylon electric Bord
By Aruna Mar 15, 2022 04:29 AM GMT
Report

විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත් විදුලිබිල වැඩි කළ යුතු මිල ගණන් වාර්තාව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන බවද අනාවරණය වනවා.

කෙසේ වෙතත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ, රුපියල් දෙකයි ශත පනහක් වන ඒකකයක් රුපියල් 15ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි.

විදුලි බල මණ්ඩලය ඩීසල් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් මෙන්ම වෙනත් ගෙවීම් රුපියල් කෝටි 4000 ඉක්මවා ඇති බවද සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික මහතා කියා සිටියා.

හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා ද අනුමැතිය ලැබී ඇති අතර මෙගාවොට් 200ක් ඒ අනුව මිලදී ගැනීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now