ලක්ෂ 8 ක ට ඡන්දය දීමේ අවස්ථාව නැතිව යයි.. මෙවර ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් කියන දේ..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Sithumi Oct 28, 2022 01:07 PM GMT
Report

විවිධ හේතු නිසා ලක්ෂ 8ක පමණ ඡන්දදායකයන්ට ඡන්දය දීමේ අවස්ථාව අහිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නිමල් පුංචිහේවා මහතා පවසනවා.

එම නිසා පූර්ව ඡන්ද ප්‍රකාශ වැඩපිළිවෙලක් සහ විශේෂ ඡන්ද පුකාශ කිරීමේ ක්‍රමවේදයක් මෙන්ම ජංගම ඡන්දපොලවල් ඇති කිරීමටද යෝජනා කර ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

ඔහු මෙම අදහස් පල කළේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ(27) පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර සිටියේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූවත් ලබන වසරේ මාර්තු 2 වනදා වනතෙක් හැකියාවක් නොමැති බවයි.

ඊට පෙර විසුරුවා හැරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර බහුතර ඡන්දයෙන් එය සම්මත කළ යුතු බවත්, එම යෝජනවා පිළිගන්නවාද නැද්ද යන පරමාධිපත්‍ය ජනාධිපතිවරයාට පවතින බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

එසේම මේ වනවිට මෙරට දේශපාලන පක්ෂ 79 ක් පවතින බවත් මෙම වසරේ තවත් දේශපාලන පක්ෂ 76 ක් අයදුම් කර ඇති බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ මේ ආකාරයට දේශපාලන පක්ෂ ලියාපදිංචි කළ නොහැකි බවයි. එලෙස සිදු කිරීමට ගියොත් තවත් වසර 25 ක් පමණ යන විට එක් ඡන්දදායකයෙකුට එක පක්ෂයක් පවතින තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now