මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Sri Lanka
By Sithumi
2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර මෙවර ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු අද (31) දින සිදු කෙරෙන බවද එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.
ඒ අනුව, මේ දක්වා නම් ඇතුළත් කිරීමට නොහැකි වූ තැනැත්තන්ට නම ඇතුළත් කළ හැක්කේ ලබන වසරේ ඡන්ද හිමි නාමලේඛනයටය.
කෙසේවෙතත් පළමුවරට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට පමණක් ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම් ඇතුළත් කිරීමට නොවැම්බර් මාසයේදී අවස්ථාව ලබාදෙන බව ද නිමල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |