පෙබරවාරි 29ට කලින් අනිවාර්යෙන් මේදේ කරන්න..වයස අවුරුදු 18ට වැඩි අයට විශේෂයි..
2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනි දාට පෙර අවසන් කළ යුතු බවයි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
තම නිවෙස් වෙත ලැබී ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලුදෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා අවධාරණය කර සිටින්නේ.
ඒ අනුව ස්ථිර පදිංචිය වෙනස් නොකළ, විවාහය, අධ්‍යාපන කටයුතු හෝ හේතුවක් මත වාසස්ථානය වෙනස් කළ පුද්ගලයින් සියලු දෙනා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතු බවයි, කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවත් විදෙස් ගතව සිටින පවුලේ සාමාජිකයින්ගේ නම් ද ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කළ යුතු බවයි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.