ගිනිගත් වැඩිහිටි නිවසේ අයිතිකරුට ඇප

Sri Lanka Police Supreme Court of Sri Lanka Fire Sinhala news Arrest
By Malith Madushan Jun 12, 2026 07:33 AM GMT
Report

හොරණ, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එම නිවාසයේ හිමිකරු ඊයේ (11) ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිට ඇත.

මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළාය.

එමෙන්ම, සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, නඩුව මෙම මස 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.