බිත්තර සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය මෙන්න.
Sri Lanka
Businessman
By Aruna
ඉන්දියාවේ සිට පසුගිය 19 වනදා මෙරටට ආනයනය කළ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව අද (24) දිනයේ දී සිදුකරන බව රාජ්ය විවිධ නීතිගත සංස්ථාව අවධාරණය කළා.
මේ අතර පසුගිය 15 වනදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාවේ වාර්තාව ද අද (24) දිනයේ ලැබීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව රාජ්ය විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ, එම බිත්තර තොගය අද (24) දිනයේම මුදාහැරීමට හැකියාව පවතින බවයි.
එලෙස මුදාහැරීමට නියමිත බිත්තර තොගය කොළඹ දිස්ත්රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |