තූත්තිකුඩියේ සිට බිත්තර තොගයක් ලංකාවට..බිත්තර මිලත් අඩු වෙයි?..

Sri Lanka India
By Aruna Mar 21, 2023 02:02 AM GMT
Report

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට අදාළ බිත්තර තොගය දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

පළමු තොගය ලෙස බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙම බිත්තර ආනයනය කිරීම අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදුවුණි.

ආනයනය කිරීමෙන් අනතුරු බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා එම බිත්තර ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.