බිත්තර මිල අඩු කරන්න යයි.. නව මිල ගණන් මෙන්න..
Business Mobile
Sri Lanka
By Aruna
බිත්තරයක් රුපියල් 49 බැගින් අලෙවි කිරීමට කුකුළු ගොවිපොළ හිමියන් තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.
එම මිලට වඩා බිත්තර අලෙවි කරන්නේ නම් එය වෙළෙඳුන්ගේ කටයුත්තක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
කෙසේ නමුත්,ඊයේ (08 වැනිදා) දිනයේදීද බිත්තරයක් රුපියල් 55 ත් 65 ත් අතර මිලකට අලෙවි කෙරුණි.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්රනාන්දු කියා සිටියේ ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 ක් වැනි මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |