බිත්තර මිල අඩු වෙයි?..බිත්තර සැපයුම ගැන දැනුම්දීමක්..
උත්සව සමයේදී බිත්තර හිඟයක් ඇති නොවන බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවට සහතික වනවා.
එම සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා කියා සිටියේ, රජය විසින් ප්රකාශයට පත් කරන ලද උපරිම සිල්ලර මිලට හෝ ඊට වඩා අඩු මිලට බිත්තර මිලදී ගැනීමට ජනතාවට හැකි බවයි.
රජය ප්රකාශයට පත් කර ඇති මිලට වඩා වැඩි මිලකට බිත්තර මිලදී නොගන්නා ලෙස ද සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම කෘත්රිම හිඟයක් ඇති කරමින් මිල ඉහළ දැමීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බවයි ඔහු කියා සිටියේ.
වාර්ෂිකව උත්සව සමයේදී බේකරි සහ හෝටල් කේක් සහ රසකැවිලි නිෂ්පාදනය සඳහා අමතර තොග මිලදී ගැනීමත් සමඟ බිත්තර ඉල්ලුම ඉහළ යන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.
ඉල්ලුමට සරිලන පරිදි ප්රමාණවත් තොග ඔවුන් සතුව ඇති බව ද ඔහු පැවසුවා.
මේ අතර මාස දෙක තුනකින් පමණ බිත්තර මිල පහළ යනු ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |