බිත්තර කන හැමෝම මේගැන දැනුවත් වන්න..දැනගත් වහාම දැනුම් දෙන්න..

Business Mobile Sri Lanka
By Aruna Nov 04, 2022 05:47 AM GMT
Report

බිත්තර මිල ඉහළ දැමීමට කිසිඳු අනුමැතියක් ලබා දී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පැවසුවේ,බිත්තර මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ලබා දී ඇති බව පවසමින් ඇතැම් වෙළඳුන් වැඩි මිලට බිත්තර අළෙවි කරන බවට මේවනවිට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.

එවැනි කිසිඳු අවසරයක් මේවනවිට ලබා දී නොමැති බවත්, පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියා.

ඒ අනුව සුදු බිත්තරය රුපියල් 43/- ක් සහ රතු බිත්තරයක් රුපියල් 45/- ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මකයි.

ඔබේ ප්‍රදේශයෙත් ඉහත මිල ගණන් ඉක්මවා අලෙව් කරන්නේනම් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන්නට කටයුතු කරන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now