අද සිට බිත්තර මිල අඩු වෙයි..විකුනන්න පුලුවන් නව මිල මෙන්න...
බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡවකට අනුව අද (25 වැනිදා) සිට බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව සුදු සහ දුඹුරු බිත්තර දෙවර්ගයම එම මිලට අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.
එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටියේ, බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර ඊයේ (24දා) පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත් පාලන මිලෙන් තොරව වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දිගටම ක්රියාත්මක කරන බවත්ය.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 49යි ශත 50ක මුදලක් වැයවන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිරීමට නොහැකි බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පසුගියදා සඳහන් කෙරිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |