බිත්තර මිල යළිත් වැඩි වෙයි..අලුත් මිල මෙන්න..
බිත්තරයක පාලන මිල රුපියල් 50 ක් වන පරිදි සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිතය.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කරන ලද 2293/69 අංක දරන ගැසට් පත්‍රයට අනුව බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.
ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්ද, දුඹුරු/රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක් ලෙසද පාලන මිල නියම කෙරිණි.
බිත්තර නිෂ්පාදන වියදම ඉහළ ගොස් තිබෙන බැවින් පාලන මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බවට බිත්තර නිෂ්පාදකයෝ දිගින් දිගටම රජයට කියා සිටියහ.
රුපියල් 50 ට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳසල් වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කරනු ලබයි.
සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා බිත්තරයක සිල්ලර මිල රුපියල් 50 ක් දක්වා සංශෝධනය විය යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.
මේ වනවිට රට තුළ දියර කිරි, බිත්තර හා කුකුළු මස් ඇතුළු සත්ත්ව නිෂ්පාදන මිල ඉහළ යාමට පසුගිය මහ කන්නයේ බඩඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර සකස් කරන බෝග අස්වැන්න කඩා වැටීම හේතු වූ බවද ඇමැතිවරයා කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |