ලක්ෂ 08ක් බිත්තර කොළඹට - පිරිසකට නොමිලේ බිත්තර..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 07, 2023 04:40 AM GMT
Report

කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) දින කොළඹට රැගෙන එන බව එහි සභාපති සරත් රත්නායක මහතා කුරුණෑගල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් රත්නායක මහතා පැවසුවේ අද දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join