දේශීය බිත්තරයක් රුපියල් 35ට දෙන්න පුළුවන් බව දැනුම්දෙයි..

Sri Lanka India Economy of Sri Lanka Businessman Egg
By Aruna Aug 08, 2023 06:37 AM GMT
Report

රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ ගණනය කිරීම අනුව, උපරිම සිල්ලර මිල රුපියල් 35/- කට මෙරට නිෂ්පාදනය කරන බිත්තර අලෙවි කළ හැකි බව වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.

එහෙත් ඔහු අනාවරණ කළේ, දිනකට ලක්ෂයකට වඩා බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සිව්දෙනෙක් කර්මාන්තයට විශාල බලපෑමක් කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන බවයි.

මේ අතර නලින් ප්‍රනාන්දු මහතා පෙන්වාදුන්නේ, රුපියල් 300/- කට පමණ අලෙවි කළ කුකුළු පැටවෙක් මේ වනවිට රුපියල් 950/- පමණ දක්වා වැඩිකර ඇති නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ කුකුළු ගොවීන්ට කර්මාන්තය පවත්වාගෙනයාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි.

ඔහු පැවසුවේ, එමඟින් අදාළ ව්‍යාපාරිකයන් සිව්දෙනා ඒකාධිකාරයක් පවත්වාගැනීමට සහ අධික ලාභයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව මිලියන 8.5 ක් වනවා.

එමෙන්ම මෙරට දෛනික බිත්තර හිඟය මිලියන 2.5 කට අධිකයි.