දේශීය බිත්තර මිල පහලට..ජනතාවට සුබ පණිවුඩයක්..
Sri Lanka
By Aruna
දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ, ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්රමාණය වැඩි කර, ඒවා පාරිභෝගික ජනතාවට ද අලෙවි කළ යුතු බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා වැඩි දුරටත් අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |