බිත්තරයක් රුපියල් 35ට දෙන්න යයි..තවත් පිරිසකට නොමිලේම ලැබෙයි..
ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට බිත්තරයක් රුපියල් 35ත්, 40ත් අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ, බිත්තරයක් මිල දී ගැනීමට නො හැකි දිලිඳු පුද්ගලයන්ට නොමිලේ බිත්තර ලබාදීමට ද සංගමය සූදානම් බවයි.
මේ අතර බිත්තරයක් රුපියල් 55ක මිලකට ම දිවයින පුරාම අලෙවි කළ යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ, සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.
කොළඹ ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, බස්නාහිර පළාතට පමණක් මෙම වැඩසටහන මූලික නො විය යුතු බව යි.
මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් බිත්තර අලෙවි කිරීම ඊයේ ආරම්භ කෙරුණා.
ඒ අනුව, කුලියාපිටියේ සිට බිත්තර ලොරි 6ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ තිබුණේ සංකේතවත් ලෙස අදාළ බිත්තර තොග අමාත්‍යවරයාට පිළිගැන්වීමට යි.
මෙම අවස්ථාවට බිත්තර නිෂ්පාදන සංගම් කිහිපයක නියෝජිතයින් ද එක් ව සිටියා.
මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූණා.
බිත්තරයක් රුපියල් 55ක මිලකට වෙළඳපොලේ අලෙවි නො වන බව යි ජනතාව කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |