බිත්තරයක් 30ට දෙන්න පුලුවන්.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Sri Lanka Businessman
By Aruna Dec 05, 2022 05:08 AM GMT
Report

මේ වන විට අපේ රටේ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ බිත්තරයක මිල ඉදිරියේයේදී තවත් රුපියල් 10කින් පමණ ඉහළ යා හැකි බවයි වසර 22ක කාලයක් කුකුල් ගොවියෙක් වන සමස්ථ ලංකා බිත්තර සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ.

මේ වන විට බිත්තරයක් සඳහා දැට යන පිරිවැය රුපියල් 26ක් බවත්, වෙළඳ පොලේ බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මිලකට අලෙවි වීමෙන් රුපියල් 25කට වඩා වැඩි ලාභයන් වෙළෙඳුන් විසින් ලබන බවයි අනුරසිරි මහතා විසින් හෙළිකරනු ලැබුවේ.

මෙවැනි තත්ත්වයක් තුළ බිත්තරයක් අවම ලාභයක් ලබමින් රුපියල් 30ක පමණ මිලකට අලෙවි කළ හැකියි.

මෙම හෙළිදරව් හරහා ඔහුට මරණ තර්ජන පවා ලැබෙමින් පවතින බවයි කියා සිටියේ.

ඒ මහතා මේ බව පැවසුවේ,යූටියුබ් නාලිනාවක පැවති විශේෂ වැඩ සටහනකට එක් වෙමිනුයි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now