බිත්තරයට අලුත්ම වටිනාකමක්..එම මිලෙන් උඩ විකිණීම තහනම්..
Sri Lanka
Businessman
By Aruna
මිල සංශෝධනයක් සිදුවන තෙක් බිත්තරයක් රුපියල් 50 ක මිලකට අළෙවි කිරීමට වෙළඳ අමාත්‍යංශය අවසර ලබා දී තිබෙනවා.
ඒ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක්, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හමු වූ අවස්ථාවේදීයි.
මේ අනුව සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියම කරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට බිත්තර නිෂ්පාදකයන් අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා මෙම අවසරය ලබා දී තිබීම විශේෂත්වයක්.
හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශය පැවසුවා.
කෙසේවෙතත් ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අළෙවි වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |