ප්‍රසිද්ධ පාසලක පුදුම ප්‍රශ්නයක් - ගුරුවරියක්ට බිත්තර ප්‍රහාරයක්..
Sri Lanka
By krishani
විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව කියන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ කටයුතු කර ඇත.
එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර යවා ඇත.
විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇයට ස්ථාන මාරුවක් ලැබී ඇත.එම පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පෙරේදා (23 වැනිදා) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එම අදාළ ගුරුවරිය ද එමපාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම උත්සවයට සහභාගී වීමට පැමිණ ඇති අතර එවිට දෙමාපියන් පිරිසක් ඇයට කුණු බිත්තර ගසා පන්නා දැමීමට උත්සහා දරා ඇත.