බිත්තර ගැන ඇහෙන ලංකාවටම සතුටු හිතෙන ආරංචිය මෙන්න..

Sri Lanka Food Crisis Egg Latest Headlines
By krishani Jul 12, 2024 11:05 AM GMT
Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

බිත්තර ගැන ඇහෙන ලංකාවටම සතුටු හිතෙන ආරංචිය මෙන්න.. | Eggs In Sri Lanka

ඒ බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් රටට අවශ්‍ය තරම් බිත්තර දේශීය වශයෙන් නිපදවන බවත් ය.

ඒ අනුව, බිත්තර ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය පැවසුවේ ය.

දැනට රටපුරා වෙළෙද සැල්වල අලෙවි කරනු ලබන්නේ මෙරටේ නිෂ්පාදනය කරන ලද බිත්තර වේ.

දෛනික පාරිභෝජනයට අවශ්‍ය බිත්තර මේ වනවිට කුකුළු නිෂ්පාදනකරුවන් විසින් සපයනු ලබයි.

මේ අතර, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත්, මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් විසින් මාධ්‍ය මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධව අවදානය යොමු කර ඇති බවයි.

එමෙන්ම, බිත්තර සඳහා වැට් අය කිරීම ලබන වසරේ සිට නොව මේ වනවිටත් සියයට 18ක බද්දක් අය කරනු ලබයි.

එම වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ තවදුරටත් ඉහළ දැමීමට සූදානමක් නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ අතර, දැනට බිත්තර මිල රුපියල් 50 සීමාව දක්වා පවතින්නේ බිත්තර හිඟයක් නිසා නොව බිත්තර සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසා බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ ය.