යළිත් වෙළෙඳපොළෙහි බිත්තර හිඟයක් - බිත්තර මිලට කුමක් වෙයිද?..

Sri Lanka Sri Lanka Food Crisis Egg
By krishani Jun 19, 2023 05:04 AM GMT
krishani

krishani

in ආහාර
Report

යළිත් වෙළෙඳපොළෙහි බිත්තර හිඟයක් නිර්මාණය වී ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ,  මස්, මාළු, කරවල ආදී ආහාර මිල ගණන් ඉහල යාමෙන් බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමඟ මෙලෙස හිඟයක් නිර්මාණය වී ඇති බව ය.

නමුත් වෙළෙඳසැල්වල බිත්තරයක් අළෙවි වන්නේ රුපියල් 46ත් 55ත් අතර මිලකට ය.

ඒ රජය විසින් බිත්තර සදහා පාලන මිලක් පනවා ඇති පසුබිමක ය.සුදු බිත්තරයක් සදහා රුපියල් 44 ක සහ එම බිත්තර කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 880ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

තවද දුඹුරු බිත්තරයක් සදහා රුපියල් 46ක් සහ එම බිත්තර කිලෝග්‍රෑමයක් සදහා උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 920ක් ලෙසයි.