ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගයක් වෙළඳසැලක අලෙවියට තබා සිදු වූ දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani May 12, 2023 08:16 AM GMT
krishani

krishani

in ආහාර
Report

මෙරටට ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයක් මාතර - වල්ගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ අලෙවියට තිබියදී සොයාගෙන ඇත.

ඒ ලද තොරතුරකට අනුවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර  ඔවුන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබෙනවා.

කුරුළු උණ වෛරසය මෙරටට ඇතුලුවීම වැළැක්වීමේ අරමුණින් රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර ලබා නොදීමට තිරණය කළේ ය.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා පමණක් එම අවසරය ලබාදීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.

කෙසේවෙතත් මෙම බිත්තර හමු වූ වෙළඳසැලේ හිමිකරුගේ සහෝදරයෙකුට බේකරි නිෂ්පාදන ආයතනයක් පවතින බවට තොරතුරු අණාවරනය වී තිබෙනවා.

ඒ හරහා අදාළ බිත්තර තොගය වෙළඳසැලට ලැබුණු බවට සැක කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join