උත්සව සමයේ බිත්තර හිඟයක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 14, 2022 09:17 AM GMT
Report

බිත්තර මිලට පාලන මිලක් පැනවීම තුළින් බිත්තර නිෂ්පාදකයින් මේ වනවිට දැඩි අසරණතාවකට මුහුණු දී ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති පවසයි.

බිත්තර වෙළෙඳපොළේ හිඟවීමට ප්‍රධානතම හේතුව වන්නේ එහි මිලට පාලන මිලක් රජය විසින් පනවනු ලැබීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

එළෙඹෙන උත්සව සමයේ දී බිත්තර හිඟවීම තුළින් නුදුරේ දී බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරවලින් පවා ඈත්වීමට ද ඉඩකඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join