දකුණට බිත්තර දෙන්න යයි..අලුත්ම තීරණය මෙන්න..

Galle Matara Lanka Sathosa Southern Province Egg
By Aruna Jul 28, 2023 03:43 AM GMT
Report

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බැවින් ඊයේ රාත්‍රියේ නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් බවයි.