බිත්තර 7,500ක් ප්‍රථම වරට රාජසන්තක කරයි.. හේතුව මෙන්න.

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka Businessman
By Aruna Sep 05, 2022 03:50 AM GMT
Report

වැඩි මිලට අලෙවිය සඳහා බිත්තර බෙදා හැරිය බවට අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට හා වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් දෙදෙනෙකුට මුදලින් රුපියල් ලක්‍ෂය බැගින් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය දඩ නියම කර තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා සමග පරිභෝගික අධිකාරිය මගින් සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බිත්තර හත්දහස් පන්සීයක් (7,500) රාජසන්තක කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළා ය.

මෙසේ දඩ නියම වූයේ හෙට්ටිපොළ දිවුල්වැව, ලිපිනයේ ජේ.එම් තරිඳු මාලිංග නමැති අලෙවි කිරීම සඳහා බිත්තර බෙදා හරින ව්‍යාපාරිකයෙකුටය.

මේ අතර, රජයේ සහතික මිල වන රුපියල් 43 වෙනුවට රුපියල් 49ට වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් වෙළෙඳ සල් හිමියන් දෙදෙනෙකුට අතිරේක මහෙස්ත්‍රාත් හේවාවසම් මහත්මිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කළා ය.

මෙසේ දඩ නියම වූයේ අනුරාධපුර මිහින්තලේ පාර, අංක 329 ලිපිනයේ කුමාරි ගම්ලත් සහ අනුරාධපුර පළමු පියවර, අංක 38 ලිපිනයේ විසාඩ් ෆාම් ෂොප් අයිතිකරු ආර්.ජී සුජිත් මධුෂාන් ජයරත්න යන දෙදෙනාට ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now