බිත්තර ගැන වෙළද ඇමතිගෙන් ප්‍රකාශයක්..

Food Shortages Sri Lanka
By Sewvandhi Feb 06, 2023 04:38 PM GMT
Report

ඉදිරි සති දෙක තුළ අනිවාර්යෙන්ම බිත්තර ආනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.

ඒ බිත්තරවලට පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද අධිකරණයට දැනුම් දුන් පසුවයි.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ බිත්තර ආනයනය කිරීම සම්බන්ධ තීරණය පෙබරවාරි 8 වනදා කැබිනට් අනුකාරක සභාවේදී ගැනීමට අපේක්ෂා කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now