බිත්තර ගැන සාකච්ඡාවට අද සිදු වුණු දේ
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ, බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බවත් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තොත් බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවත්ය.
කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා අද (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය.
බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි. ඒ අනුව අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60ක අවම මිලක් යටතේය.
ලොරි රථ මගින් බිත්තර ගෙනැවිත් රුපියල් 55 බැගින් අලෙවි කරන වැඩපිළිවෙළක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් ආරම්භ කළත් එය අද දිනයේත් ක්‍රියාත්මකවනු දක්නට නොලැබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |