වැඩි මිලට බිත්තර විකිණීම ගැන බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කරන හෙළිදරව්ව..

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Jan 01, 2023 11:16 AM GMT
Report

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි මිලට බිත්තර අලෙවි කිරීමේ මාෆියාවකට ඇතැම් ඇමතිවරුන් ද සහාය පළ කරන බවට චෝදනා කරනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී.ආර්.අලහකෝන් මහතා පැවසුවේ ශීත කාමරවල ගබඩාකර තිබූ බිත්තර අඩු මිලට ගෙන නැවතත් වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සිදුකෙරෙමින් පවතින බවයි .

ඒ සඳහා ඇතැම් දේශපාලඥයින්ගේ ද සහාය ඇති බවට අලහකෝන් මහතා වැඩිදුරටත් චෝදනා කළේය.

"ඇත්තටම මේකට වගකින්න ඕනේ මේ අතරමැති බිත්තර වෙළෙඳ සංගම්. එදා රුපියල් 43ට ගැසට් එකේ මිලට දෙන්න පුළුවන් කියපු අය අද රුපියල් 65යි 60 කියලා විකුණන්න කතා කරනවා. මහින්ද අමරවීර ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාවේදී ඇමතුමා අපිට කිව්වා මේක පරිභෝගිකයාට කෙළින්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න කියලා.

ඒ අනුව තමා බිත්තර ලක්ෂ 4ක් කොළඹ නගරයේ බෙදුවේ. මේ ක්‍රමය අසාර්ථයි කියලා පෙන්නන්න හදනවා. වෙළෙඳ ඇමතිවරයාත් ඒ වගේම සමහර සංගම් පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරන ඒවා වෙළෙන්ඳා වෙනුවෙන් කතා කරනවා ද?

ඔය ජා-ඇල තියෙන බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමී කියන පුද්ගලයාගේ මත්සිනා තමයි වෙළෙඳ ඇමති. ඉතින් වෙළෙඳ ඇමතිවරයාට කියන්න පුළුවන්නේ මේ වැඩේ වැරදි කියලා. ඒක නවත්වන්න කියලා. අපිට බැනලා වැඩක් නෑනේ. බිත්තර අඩු මිලට අරගෙන කූල් රූම් වල දලා එකතුකරලා නැවතත් වැඩි මිලට විකුණන මාෆියාවක් මෙකේ ඇතුලේ තියෙනවා. ඒ සඳහා සමහර ඇමතිවරු උදව් කරනවා"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now