බිත්තර අනතුරු අඟවයි..? බදාදා වනවිට වෙන්න යන දේ..

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Nov 13, 2022 02:01 PM GMT
Report

ඉදිරි දින දෙක තුළදී බිත්තර හිඟයට විසඳුමක් නොමැති වුවහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාලා ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන්ම වැසී යනු ඇති බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අනතුරු ඇඟවීමක් ඇඟවීමක් සිදුකරනවා.

රටේ පවතින බිත්තර හිඟය හේතුවෙන් ආප්ප, ෆයිඩ් රයිස් , කොත්තු, බිත්තර රොටි, බිත්තර රෝල්ස් , කේක්, පුඩින්, වටලප්පන් යනාදී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයිද ඔහු සඳහන් කළේය.

වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු සියලු අංශ වහාම මැදිහත් වී බිත්තර සංගම් සමග සාකච්ඡා කර මේ ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගතයුතු බවත් එසේ නොවුවහොත් ප්‍රශ්නය බරපතළ වනු ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

" මිල අඩු කරනවා නම් අඩු කරන්න වැඩි කරනවා නම් වැඩි කරන්න. කරන දෙයක් කරන්න. මොනවා හරි කරලා අපිට ඕන බිත්තර. නැත්නම් හෝටල් කර්මාන්තය මින් ඉදිරියට ගෙනියන්න බෑ" යැයිද අසේල සම්පත් මහතා කීවේය.

මේ අතර ගෘහස්ථව කෙරෙන කේක් නිෂ්පාදනය ආදී කර්මාන්තද බිත්තර හිඟය නිසා මේවනවිට සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now