බිත්තර මිල ඉහළට..
වෙළඳුන් ප්‍රකාශ කරන්නේ, උත්සව සමය එළඹෙමින් තිබිය දී බිත්තර මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
වෙළඳුන් ප්‍රකාශ කළේ, පසුගිය දිනවල රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වූ සුදු බිත්තරයක මිල මේ වනවිට රුපියල් 50 ඉක්මවා ඇති අතර රතු බිත්තරයක් රුපියල් 53ක මිලකට අලෙවි වන බවයි.
පෙරේදා(07) ,සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය බිත්තර තොග අලෙවිකරුවන් වෙත දැනුම් දී තිබුණේ සුදු බිත්තරයක් රුපියල් 50කට සහ රතු බිත්තරයක් රුපියල් 52ක මිලකට අලෙවි කරන ලෙසටයි.
කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත ආහාර නිෂ්පාදනය සඳහා, නත්තල සහ නව වසර එළැඹීම නිසා, බිත්තරවලට සාමාන්‍යයෙන් පවතින ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මේ වනවිට පවතිනවා .
මෙලෙස බිත්තර මිල ඉහළ යෑමෙන් කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද ඉහළ යනු ඇති. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් කියා සිටියේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල බිත්තර මිල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මීට පෙර ප්‍රකාශ කළේ,එළඹෙන උත්සව සමයේ දී බිත්තර මිල ඉහළ නොදමන බවයි.