බිත්තර මිල ගැන අලුත් තීරණයක්..

Sri Lanka Sri Lanka Food Crisis Businessman Nalin Fernando
By Sewvandhi Dec 10, 2022 12:28 PM GMT
Report

වෙළඳ,වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, ඊයේ (9) පැවති සාකච්ඡාවකින් අනතුරුව බිත්තරයක් රුපියල් 50ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයන් සඳහන් කළ බව පවසනවා.

සත්ත්ව ආහාරවල මිල ගණන් පහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන බවත් ඉදිරියේදී තවදුරටත් සත්ත්ව ආහාර මිල පහළ යනු ඇති බවත් එහිදී විෂයභාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී අඩු පොලී අනුපාතිකයක් යටතේ බිත්තර නිෂ්පාදකයින්ට සිය පිරිවැය අවම කර ගැනීමට හැකි පරිදි ණය මුදලක් ලබාදීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now