බිත්තර මිල යළිත් ඉහලට..? පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක් .

Sri Lanka Businessman
By Sewvandhi Nov 10, 2022 02:37 AM GMT
Report

‍වෙළෙඳපොළේ රුපියල් 50 ක්ව පවතින බිත්තර මිල යළි ඉහළ දැමීමට එකඟතාවකට පැමිණ ඇති බව බිත්තර නිෂ්පාදකයින් ප්‍රකාශ කළත්, එවැනි මිල ඉහළ දැමීමකට අවසර ලබා දී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.   

එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සුදු බිත්තරයක් රුපියල් 43 ක හා දුඹුරු හෝ රතු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය අගොස්තු මස 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් මිල ප්‍රමාණවත් නොවන බවට අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීම සඳහා වාචික එකඟතාවකට පැමිණ තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now