යළිත් වෙනස්වූ බිත්තර මිල - නව මිල මෙන්න

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis Ministry of Consumer Protection
By Sewvandhi Aug 24, 2022 03:47 PM GMT
Report

බිත්තරයක් රුපියල් පනහක සිල්ලර මිලකට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ වී තිබෙනවා. ඒ අද(24) වෙළඳ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක දී යි.

පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයක් මගින් වෙළෙඳපොලේ බිත්තරයක් අලෙවි විය යුතු මිල ලෙස, සුදු බිත්තරයක් රුපියල් 43ක් හා රතු බිත්ත‍රයක් රුපියල් 45ක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. අදාළ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමේ දී වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ, එම මිල නියම කළේ බිත්තර නිෂ්පාදනයට වැය වන පිරිවැය හා සසඳා බැලීමේ දී නිෂ්පාදකයාට රුපියල් 5ක ලාබයක් ලැබෙන ලෙසයි යනුවෙන්.

නමුත් එම මිලට බිත්තර නිෂ්පාදකයන් එකඟතාව පළ නො කළේ, සත්ව ආහාරවල මිල ගණන් ඉහළ යෑම තුළ එම මිලට බිත්තරයක් අලෙවි කළ නො හැකි බව පවසමින්. ඒ අනුව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පසුගිය දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූයේ මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහායි.

කෙසේ නමුත් අද පැවති සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ෂවය එකඟතාවට පැමිණ ඇත්තේ රුපියල් 50ක මිලකට වෙළෙඳ පොළේ බිත්තරයක් අලෙවි කිරීමටයි. බිත්තරයක මිල ගැසට් කිරීමෙන් අනතුරුව වෙළඳපොලේ බිත්තර බහුලතාවේ අඩුවක් ද පසුගිය දා වාර්තා වුණා.

කෙසේ නමුත් පාරිභෝගික ජනතාව මැසිවිලි නැගුවේ අවම පිරිවැයකින් උපරිම පෝෂණයක් ලබා ගත හැකි එම ම ආහාරය වන බිත්තරයක මිල ගණන් රුපියල් හැටක් වැනි මුදලක් දක්වා ඉහළ යාම තමාට කිසි සේත් දරාගත නො හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now