වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට බිත්තරයක මිල ඉහළට

Sri Lanka Food Crisis Businessman Egg
By Sewvandhi a year ago
Report

අද (12) සිට බිත්තරයක මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා සඳහන් කළේ, බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව එම සංගමය පැවසීය.