යළිත් බිත්තර මිල ඉහළට..? මිල ගණන් වෙනස් වන හැටි..

Food Shortages Sri Lanka Food Crisis Egg
By Sewvandhi Feb 10, 2024 08:56 AM GMT
Report

උත්සව සමය ළංවෙමින් පැවතියදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

සතොස අලෙවිසැල් ජාලයේ මෙන්ම සිල්ලර වෙළඳසැල්වලද බිත්තර මිලදී ගැනීමට නොමැති බවයි, පාරිභෝගිකයන් චෝදනා කළේ.

එමෙන්ම ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යා හැකි බවයි, සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ.මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල පවතින්නේ රුපියල් 60 ක අගයකයි.

මේ අතර පාරිභෝගිකයන් චෝදනා කරන්නේ, රුපියල් 43 ක මිලකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදුන් ආනයනික බිත්තර ද මේ වනවිට එම අලෙවිසැල්වල නොමැති බවටයි.

එමෙන්ම සිල්ලර වෙළඳසැල් තුළද බිත්තර හිඟයක් පවතින බවයි ඔවුන් කියා සිටියේ.

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා රුපියල් 35 ක මුදලකට ලංකා සතොස හරහා පාරිභෝගිකයන්ට පසුගිය දිනවල බිත්තර අලෙවි කෙරුණත් පසුගිය මස 21 වනදා සිට එහි මිල රුපියල් 08 කින් ඉහල දැමුණා.