බිත්තර මිල පහළට..සිදු වු වෙනස මෙන්න..
බිත්තර මිල පහත වැටීම හේතුවෙන් තම කර්මාන්තය කරගෙන යාමේ ගැටලුවක් මතුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් බිත්තර කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් කර්මාන්තයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවයි. පසුගිය උත්සව සමයේදී බිත්තරයක් රුපියල් 28 සිට 32 ත් අතර මිලකට අලෙවි වීම හේතුවෙන් මෙම කර්මාන්තකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ ගියා.
මේ වනවිට වෙළෙඳ පොළේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 12 ත් 16 ත් අතර මිලකටයි. කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ, මේ වනවිට සත්ත්ව ආහාර මිල ගණන්ද ඉහළ යාම නිසා තම කර්මාන්තය කරගෙන යාම දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ගෙන් ද විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ සත්ව ආහාර ලෙස බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 40,000 ක් ආනයනය කිරීමට ව්‍යාපාරිකයන්ට මෙන්ම ගොවීන්ටද අවසර ලබාදී ඇති බවයි. එසේම තවත් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබන ජූනි මාසයට පෙර ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |