ඉදිරියේදී භාණ්ඩ රැසකට සිදු වෙන්න යන දේ - අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්

Sri Lanka Economic Crisis Lanka Sathosa Gunapala Rathnasekara
By Sewvandhi May 04, 2022 02:31 PM GMT
Report

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පවසයි.

ඒ රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිල විචාලනය වැළැක්වීමේ අරමුණින් ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩවලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවූ බවද පැවසීය. ඒ අනුව ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

පවත්න අර්බුදකාරී වාතාවරණය තුළ සහල් මිල ඉහළ යෑම වැළැක්වීමට නව ගැසට් පත්‍රයක් මගින් උපරිම මිලක් නියම කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම උපරිම මිල දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් සඳහා පමණක් නියම කර තිබේ. වී අලෙවි මණ්ඩලය විසින් විශේෂ සහනදායී මිලට සපයන සහල් සඳහා උපරිම මිල බලනොපාන බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේය.

2015 ට පසු වී අලෙවි මණ්ඩලය එකතුකරගත් ඉහළම අරාක්ෂිත වී තොගය වන මෙට්‍රික් ටොන් 70,000 කට අධික ප්‍රමාණයක් මෙම වසර තුළ ලබාගෙන තිබේ. එම වී උත්සව සමය ඉලක්ක කර ගනිමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සතොස, සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් වෙත රු.140ක මිලකට සැපයේ.

ඒ අනුව අප්‍රේල් මස මුල සිට රුපියල් 145ක මිලකට සතොස, සමූපකාර ජාල වෙතින් සහල් මිලදී ගැනීමට හැකි බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී.එම්.එස්. දිසානායක මහතාද සාකච්ඡාවට සහභාගී විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now