ආනායනකරුවන්ගේ සංගමය අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව බාරදෙයි

Dollar to Sri Lankan Rupee Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sithumi Jun 01, 2022 08:46 AM GMT
Report

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඒවා ආනයනය කෙරෙන වෙළදුන්ගේ ලැයිස්තුවක් අද දින වෙළඳ අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනායනකරුවන්ගේ සංගමය විසින්. රජය විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ට දැනුම් දුන්නේ සෑම මසකම ඩොලර් මිලියන 100 ක් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා බැංකු හරහා ලබා දීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා ආනයනය කරන භාණ්ඩ සහ ආනයනකරුවන්ගේ ලේඛනයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබූ අතර, ඒ අනුවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය එම ලැයිස්තුව අද වෙළඳ අමාත්‍යංශය වෙත භාර දී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now