අත්‍යවශ්‍ය භාණ්ඩ දෙකක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යයි

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis Businessman
By Sewvandhi Nov 11, 2022 07:55 AM GMT
Report

 ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285 ත් 290 ත් අතර ද, ලංකා ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 340 ත් 350 ත් අතර ද, පැවැති බව වෙළෙන්දෝ කියති.

ලංකා අල කිලෝවක මිල රුපියල් 360 ත් 380 ත් අතර ද, චීන අල කිලෝවක මිල රුපියල් 210 ත් 220 ත් අතර ද,

පාකිස්කානු අල කිලෝවක් රුපියල් 180 ත් 190 ත් අතර ද පැවැති බවත් රතු ලූණු කිලෝවක මිල රුපියල් 550 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වෙළෙන්දෝ සඳහන් කළහ.

සුදු ලුණු කිලෝවක් රුපියල් 380 ත් 390 ත් අතර මිලකට අළෙවි වූ බව ද ඔවුහූ පැවසූහ.

කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ ලූණු සහ අල ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මෙයට හේතු බව ද වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now