හිස පිටුපස භයානක මුහුණක් සමඟ ඉපදුනු මිනිසා. (PHOTOS)

By Wayomi Jul 28, 2022 06:54 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ ලෝකයේ උපදින මිනිසුන් අතර අමුතු අංග ලක්ෂණයන්ගෙන් යුත් මිනිසුන් බිහිවෙනවා ඔබ ඕන තරම් දැකලා ඇති. විශේෂයෙන්ම මුහුණු සිරුරු බද්ධවෙලා උපදින අයව. ඒ විදිහට 90 දශකයේ ඉපදුනු එඩ්වඩ් මොඩ්‍රේක් නම් තරණයෙකුගේ භයානක කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.

😈 1890 දී උපත ලබන එඩ්වඩ් මොඩ්‍රේක් බුද්ධිමත්, තරුණ, හොඳ පෙනුමක් ඇති ඉංග්‍රීසි වංශාධිපතියෙක්. ඔහු "දුර්ලභ හැකියාවක් ඇති සංගීතඥයෙක්" ලෙස විශ්වාස කෙරුණා. ඒ වගේම ඉතා තරුණ වියේදීම ඔහු විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇති අතර උගතෙක් ද වුණා.

😈 නමුත් ඔහුට දරුණු ශාපයක් උරුම වුණා. ඒ, මෙම තරුණයා උපදින්නේ ඔහුගේ හිස පිටුපස දෙවන මුහුණක්ද සහිතවයි.

😈 එඩ්වඩ් මොඩ්‍රේක්ගේ හිස පිටුපසින් තිබුණේ ගැහුණු පෙනුමකට හුරු බියකරු මුහුණක්. මේ අතිරේක මුහුණට ආහාර ගැනීමේ හෝ සම්පූර්ණ වචන කතාකිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.

😈 නමුත් එයට ඇඩීමට,සිනහවීමට හා විවිධ ශබ්ද නිකුත්කිරීමට හැකියාවක් තිබූ අතර ඒ සියල්ලම සිදුවුණේ මොඩ්‍රේක්ගේ පාලනයකින් තොරවයි.

😈 මොඩ්‍රේක් අඬන සෑම අවස්ථාවකම දෙවෙනි මුහුණ උපහාසයෙන් හා සිනහවෙන් සිටීමයි. ඒවගේම එයා හිනාවෙලා හිනාවෙනකොට අනිත් මූණත් කලබල වෙනවා. ඔහු කුමන ක්‍රියාවේ යෙදී සිටියත් හිස පිටුපස මුහුණ භයංකර සිනහවක් නඟනවා. මෙම මුහුණේ සියලු සලකුණු මාරාන්තික බවක් පෙන්නුම් කළා.

😈 ඔහු වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ නිදාගැනීමට යාමේදීයි.නින්දේදී අවදියෙන් සිටින පිටුපස මුහුණ තමා සමඟ මුමුණන හඬ ඇසෙන බවත් එය හඬමින්, සිනාසෙමින් හා විවිධ භයානක ශබ්ද නගමින් තමාට නිදා ගන්නට නොදී කවටකම් කරන බවත් මොඩ්‍රේක් පවසා තිබෙනවා.

😈 ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් කෙතරම් ඉල්ලීම් කලද මෙම පිටුපස මුහුණ සැත්කමක් මගින් ඉවත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණේ මොළයට හානි වුවහොත් මොඩ්‍රේක්ගේ ජීවිතය අනතුරට ලක් වන නිසායි.

😈 අවසානයේ මෙම පීඩනය හා අපහසුතාවයන් දරාගත නොහැකි වූ එඩ්වඩ් ඔහුට අවුරුදු 23 දී සියදිවි නසාගත්තා.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGalleryGalleryGallery