ප්‍රධාන පාසලක සිසුවෙක් ගෙන් අල්ලස් ගත් ගුරුවරයෙක් මාට්ටු වෙයි..
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළට ශිෂ්‍යයෙකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේදී එම පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති සැකකාර ගුරුවරයා කුරුණෑගල නගරයේදී එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදීයි මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.
අනුරාධපුර සිසුවාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ගුරුවාරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකාර ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    