රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවතට - මුදල් රාජ්‍ය ඇමැති
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බවයි.
අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
"ඉදිරි අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳාපවතීවි. රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් කටයුතු කරාවි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා.
ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. IMF පළමු සමාලෝචනය ඊයේ ආරම්භ කළා. එය සති දෙකක් වැනි දිගු කාලයක් පැවැත්වෙනවා. ජනාධිපතිවරයා මූල්‍ය කොමිසම සමග එළඹෙන 26 වනදා එහි අවසන් හමුව පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා."
කිලෝ 50ට අඩු පුද්ගලයින්ට නිවසින් බැහැරට ඒම තහනම් කෙරේ - සමාජ මාධ්‍ය කළඹවමින් වීඩියෝවකුත් එළියට එයි - (VIDEO)
.....................................................................
You may like this video-: