ලංකාවේ ණය වැඩි වුනේ මෙහෙමයි - ඇමති බන්දුල පහදයි..

Bandula Gunawardane Sri Lanka Economic Crisis Economy of Sri Lanka
By krishani Jun 01, 2022 01:01 AM GMT
Report

2021 වසරේ දී දිනකට රුපියල් බිලියන 5.6ක ණය මුදලක් විදේශයන්ගෙන් ලබාගැනීමට සිදූවු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(31) තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කලහ.

ඒ නිසා විදේශීය රටවලින් ගත් ණය වාරික ගෙවා දැමිය නොහැකි තත්ත්වයකට අද පත්ව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එතුමාගේ ප්‍රකාශය පහතින්,

"2014 වසරේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසන් වන විට දිනකට රටේ ආදායම රුපියල් බිලියන 3.2ක් දිනකට ලංකා ආණ්ඩුවේ ආදායම.ඒ කාලේ දිනකට වියදම රු බි 4.9ක්.එතකොට සෑම දිනකටම රජයට රු බිලියන 1.7ක් ණයට ගන්න වෙනවා 2014 දී.එතකොට සරල ලෙස සඳහන් කළොත් 2014 වගේ රුපියල් බිලියන 2ක් මදි වෙනවා දිනකට.ඊට වසර 5කට පස්සේ 2019 වසර ගත්තොත් අපේ ආදායම වැඩිවෙලා තියෙනවා.බිලියන 5යි දවසක ආදායම. ලංකා ආණ්ඩුව දවසකට වියදම් කරනවා රු බිලියන 9.1ක්.එතකොට 2019 දී දවසකට රු බිලියන 4කට වඩා වැඩිය ණයට ගන්න ඕනේ.පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරලා තියෙන වාර්තා අනුව ආදායම අඩුවෙලා තියෙනවා.

කොවිඩ් -19 වසංගතයත්,රට වසා දැමීමත්, බදු ආදායම් රැස්කිරීමට අසීරු වීමත්,බදු කපාහැරීමත් යන කරුණු රාශියක ප්‍රතිඵලවක් ලෙස 2021 වසරේ දිනක ආදායම රු බිලියන 4යි.වියදම දිනකට රු බිලියන 9.6යි.රු බිලියන 5.6ක් දවසකට ණය ගන්න ඕනේ.එහෙම දීර්ඝ කාලයක් ණය අරන් මේ රට පවත්වාගෙන යෑම නිසා මේ වනවිට විශේෂිකයින්ගෙන් ගත්ත ණය වාරික පොලිය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා.මේ ගැඹුරු සත්‍ය කවුරු ආණ්ඩු කළත් සමහර වියදම් කපා හැරිය නොහැකි වියදම් බවට පත්වෙලා තියෙනවා. මේ වියදම්වල ප්‍රධානම දෙක තමා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික වැටුප්.2020 වසරේ දී මුළු රජයේ ආදායමෙන් 86% ක් රාජ්‍ය වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කරලා තියෙනවා.දෙවැනි ප්‍රධානතම වියදම තමා රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join